ජනවාරි සිට සංචාරකයින් සඳහා නව ජංගම යෙදුමක්…

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා නව ජංගම යෙදුමක් (ඇප්) හඳුන්වා දෙන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති සංචාරක හා ඉඩම් පිළිබඳ අමාත්‍ය උපදේශන කාරක සභාවේදීය.

මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති සහ ගැනීමට බලාපොරොත්තු වන පියවර පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ජනවාරි මාසයේදී මෙම ජංගම යෙදුම භාවිත කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

මෙම යෙදුම හරහා සංචාරකයින්ට අවශ්‍ය නම් ඔවුන් සිටින ස්ථානය පරීක්ෂා කිරීමට ඉඩ ලබා දිය හැකි බවත්, ඔවුන් අතරමං වුවහොත් හෝ යම් ආරක්‍ෂිත පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා පියවර ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා සංචාරක ආකර්ෂණ ස්ථාන සහිත සෑම වෙරළ තීරයකම සංචාරක පොලිස් කණ්ඩායමක් ස්ථානගත කරන බව ද අමාත්‍යවරයා පැවසීය. ගරු. විශේෂයෙන්ම 2023 වසරේ සංචාරකයින් ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *