මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ඉක්මනින් පෝෂ්‍ය පදාර්ථ ලබාදීමට සැලසුම්…

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා පෝෂ්‍ය පදාර්ථ අඩංගු පැකට් ලබාදීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පවසයි.

ඔවුන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

අමාත්‍යාංශය විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකින් රට පුරා මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000 ත් 30,000 ත් අතර සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.

රු. එම දරුවන්ට පෝෂ්‍ය පදාර්ථ ලබාදීමට රුපියල් මිලියන 500ක් වෙන්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *