හොංකොං දේශය ඇවිලෙයි

උදර්පණ නීතිය අවලංගු කරන්නැයි ඉල්ලමින් හොංකොංහි පැවැත්වෙන විරෝධතා හේතුවෙන් එරට දෛනික කටයුතු සියල්ල අඩපණ වී ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.

මෙම තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් හොංකොං දේශයට බරපතල ආර්ථික ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බව වාර්තා‍වේ.

මෙම විරෝධතා අතරතුර ප්‍රචණ්ඩකාරී ගැටුම් පවා හටගෙන තිබූ අතර උදර්පණ නීතිය අවලංගු කරන බවට රජය ප්‍රකාශ කර ඇති නමුත් ඊට එරෙහිව ආරම්භ වී තිබූ විරෝධතාවල අඩුවක් මෙතෙක් දක්නට නොලැබෙන බව වාර්තා වේ. විරෝධතාකරුවන්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් පිරිස් විසුරුවා හැරීමට රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් යොදාගෙන පොලිසිය ප්‍රහාර එල්ල කර ඇත. පොලිසියට ප්‍රතිප්‍රහාර ද එල්ල කෙරිණි.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති හොංකොං දේශය මහජන චීන පාලනයට භාර දුන් අතර නව උදර්පණ නීතිය හඳුන්වා දීම නිසා මෙසේ මහජන කැළඹීමක් ඇතිවී තිබෙන අතර හොංකොං ප්‍රධාන විධායක පාලිකා කැරී ලෑම් සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදය තීව්‍ර වීමද මෙම විරෝධතාවලට හේතුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

(බී.බී.සී සහ සී.එන්.එන් පුවත් වාර්තා ඇසුරිනි / Image – Nikkei Asian Review)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *