ඉන්දීය නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරෝයින් කිලෝග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලංකාවට අයත් බහුදින ධිවර යාත්‍රාවක් ඊයේ දිනයේදී සිය භාරයට ගෙන ඇත. ” දුව ශශිලා” නම් වූ මෙම බහුදින ධිවර යාත්‍රාවේ සිටි ධිවර කාර්මිකයින් 05 දෙනෙකුද ඉන්දීය නාවික හමුදාවේ නිලධාරින් විසින් සිය අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
ඉන්දීයාවට අයත් ගැඹුරු මුහුදේ තිරයේ දි මෙම ධිවර යාත්‍රාව එරට නාවික හමුදාවට අයත් නෞකාවක් විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකපිට සිය භාරයට ගෙන වැඩිදුර විමර්ෂණය සඳහා කෝචි හී වරායට රැගෙන විත් ඇති අතර, එහිදී එරට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් සිදුකළ සෝදිසියේදී මසුන් ඇසිරීමට ගෙනා අයිස් අතර සඟවා තිබී මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 340 සොයා ගෙන ඇත.