හෙට සිට මගී ප්රවාහන බස් රථවල සෞඛ්ය මාර්ගෝපදේශ දැඩි ක්රියාත්මක කෙරේ

හෙට සිට සියළුම මගී ප්රවාහන බස් රථවල සෞඛ්ය මාර්ගෝපදේශ දැඩිව ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවට බස් රථ ප්රවාහන සේවා පිළිබඳ රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.
ඒ අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි මගීන් බස් රථවල ගමන් කළ යුතු වන අතර මුව ආවරණ පැළදීමද අනිවාර්ය බවයි ඔහු සඳහන් කරන්නේ.
තවද දුම්රිය ස්ථාන වෙත පිවිසීමේදී ද පෙර දැනුවත් කළ පරිදි අත් සෝදා මුව ආවරණ පැළඳ පැමිණිය යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව ද අවධාරණය කර සිටී.
