අවසර නැතිව ඩ්‍රෝනවලින් රැළි ආවරණය කළොත් නීතිය දැඩි වෙයි

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් අද(1) පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සහ රැළි ආවරණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා යොදාගැනීම තහනම් වන අතර ඒ සදහා නිසි අවසරයක් ලබාගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කීය.

නිසි අවසරයකින් තොරව මැයි දින රැළි ආවරණය කිරීම සදහා ඩ්‍රෝන යානා භාවිත කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ද තල්දූව මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *