උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස (අප්‍රේල්) මෙරට උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස උද්ධමනය සියයට 2.5 ක් ලෙස පැවැති බවත් ඒ අනුව අප්‍රේල් මස සියයට එකකින් උද්ධමනය පහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

මාර්තු මාසයේ සියයට 5.0 ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මස සියයට 2.9 ක් දක්වා පහළ ගොස් ඇතැයි ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *