ජනපතිට එරෙහිව වාරණයක්

අගවිනිසුරු ධුරයට හැර අනෙකුත්  ‍‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධුරවලට විනිසුරුවරුන් නිර්දේශ කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (30)  අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධුරයට පත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථාදායක සභාව දුන් තීන්දුවට එරෙහිව නීතිඥවරයකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය අනුව කටයුතු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවට ද නියම කළේය.

‍ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ අතුරු නියෝගය නිකුත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ පත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථාදායක සභාව දුන් තීන්දුවට එරෙහිව නීතිඥවරයකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වෙන බව ද විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ දිලීප් නවාස් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *