විදුලි බිලට ලබන මාසෙ සහනයක්

විදුලි බිල  වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව  විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ  මහතා පැවසීය.

උමා ඔය ව්‍යාපෘතියෙන් ලැබෙන මෙගාවොට් 120 ක ලාභයෙන්  සහන දිය හැකි බවද ඔහු සඳහන් කළේය..

රටට වෙන වාසි වැළැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් වැරදි මත පතුරවමින් සිටින බවත්  උමා ඔය  විවෘත කිරීමෙන්  නායයෑම්  ඇතිවන බව පැවසීමද ඉන් එකක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

උමා ඔය නිසා නාය යන බවට මෙතෙක් කිසිදු තහවුරුවීමක්වී  නැතැයිද   අනුරුද්ධ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *