ස්ථානාධිපතිට අල්ලස් දෙන්න ගිය කත අත්අඩංගුවට

හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සිය සැමියා මුදාහැරීම සඳහා කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදීමට කටයුතු කළ බව කියන කාන්තාවක් ඊයේ (30) අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර  ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

කළුතර දකුණ දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී ශ්‍රී රංගා  මහතා හෙරෝයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන  පොලිසියට රැගෙන විත් තිබේ.

අනතුරුව සැකකරුට ඇඳුමක් ගෙන්වා ගැනීම සදහා ඔහුගේ බිරිඳට  දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර,  ඇයද විනාඩි 20 කට පමණ පසුව පොලිසියට පැමිණ ඇතැයිද පොලිසිය කීය.

පසුව එම කාන්තාව සැකකරු නඩුවෙන් නිදහස් කරලෙන ලෙස ඉල්ලීමක් කර  ඒ සඳහා ලක්ෂ තුනක මුදලක් දූෂණ මර්දන අංශයේදී එහි ස්ථානාධිපතිවරයට ලබා දීමට  හැකි බවත් පවසා තිබේ.

එහිදී දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව මුදල් ලබා දීමේදී සැකකරුගේ  බිරිඳවද අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී ශ්‍රී රංගා  මහත  ඇතුළු නිළධාරීන් වැටලීම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *