ස්පීකරයේ සැඟවූ ලක්ෂ 50 ක මත්ද්‍රව්‍ය අල්ලයි

බ්ලු ටුත් ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සමග මට්ටක්කුලිය දුවේ ගිම්හාන්  නොහොත් ශාන් නමැත්තා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු සමග  අයිස් මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි චතු නැමැත්තාගේ සමීපතමයෙකු වන බව පොලිසිය සඳහන් කරයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ  සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට  අනුව  සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේදී  අයිස් මත්ද්‍රව්‍ය  සමග අත්අඩංගුවට ගත් බව  පොලිසිය කියයි.

අනතුරුව සැකකරු පදිංචි මට්ටක්කුලිය තොටුපොල පාර නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබූ බ්ලු ටුත් ස්පීකරයක  සූක්ෂම ලෙස සඟවා තිබූ තවත් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 475 ක් සොයා ගැනීමට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *