කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා ආසාධනය වේ

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු කරගත් දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවකගේ 16 හැවිරිදි දියණියටද කොරෝනා වෛරසය ආසාදනයවි ඇති බව තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමොද සිරිවර්ධන පවසනවා. ඒ අද (04) හබරාදුව නිරෝධායක මධ්‍යස්ථානයේදි සිදුකළ පි. සි.ආර්. පරික්ෂණයේදියී. එම දැරිය කොළඹ අයි.ඩි එච් රෝහල වෙත යැවිමට කටයුතු කර තිබේ.

අදාළ සේවිකාවගේ දරුවන් 04 දෙනා සහ සැමියා අද දින පි. සි.ආර් පරික්ෂණවලට ලක්කළ බවත් පවුලේ සෙසු සාමාජිකයින් 05 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරුවූ බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කළා. කෙසේ වෙතත් ඔවුන් 05 දෙනා දෙවැනි වතාවට ද පි. සි.ආර් පරික්ෂණ සිදුකිරිමට කටයුතු කරණ බව ප්‍රාදේශිය සෞඛ්‍ය නිලධාරිවරයා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *