හෙට සිට පාසැල් නිවාඩු, කැළණි සරසවියත් වැසේ

දිවයිනේ සියලුම පාසැල් සඳහා දෙවන වාර නිවාඩුව හෙට (05) සිට ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. මින් පෙර තීරණය කර තිබුණේ දෙවන වාරයට අදාළ පාසැල් නිවාඩුව මෙම මස 09 වෙනිදා සිට ලබා දීමටයි.

මේ අතර කැලණිය විශ්ව විද්‍යාලය හෙට (5) සිට වසා දනමන බවත්, නේවාසිකාගාර සිසුන් ද ඉවත්විය යුතු බවත් එහි පාලනාධිකාරිය පවසනවා.

‪ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා.‬

Leave a Reply

Your email address will not be published. Required fields are marked *