හිටපු CID අධ්‍යක්ෂ ශානිගේ ඇප ඉල්ලීම ඉවතට

අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් අධිකරණය නොමග හැරීම ඇතුලූ චෝදනා කිහිපයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුලූ සැකකරුවන් තිදෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.

ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ප්‍රකාශ කර සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව සහ ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු පිළිබද තමන් පූර්ණ අවධානය යොමු කරන බවත්, ඒ අනුව ශානි අබේසේකර ඇතුලූ සැකකරුවන්ට ඇප ලබා දිය නොහැකි බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *