හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කොවිඩ් ආසාදිතව සිට මියගොස් ඇත

දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු ඊයේ  කන්තලේ රෝහලේ දී මියගොස් තිබේ.

මියයන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය.

2002 සිට 2010 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

කොවිඩ් ආසාදිතව මියගිය දෙවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.

හිටපු කථානායකවරයෙකු වූ විජමු ලොකුබණ්ඩාර මහතා ද පසුගිය දාක කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත විය.

Leave a Reply

Your email address will not be published.