Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ඊයේ දිනයේදී හැඳුනුම්පත් අංක ක්‍රමය කඩ කරමින් සංචරණයේ යෙදුනු 141ක් අත්අඩංගුවට

ඊයේ දිනයේදී හැඳුනුම්පත් අංක ක්‍රමය කඩ කරමින් සංචරණයේ යෙදුනු 141ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ සමග මේ දක්වා නිරෝධායනය රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073ක් දක්වා ඉහළගොස් තිබේ.

විවිධ ස්ථාන පරීක්ෂා කිරීම්, ජංගම වෙළෙඳුන් සම්බන්ධ පරීක්ෂා කිරීම් සහ බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ වාහන පරීක්ෂා කිරීම් රැසක් ඊයේ දිනයේ සිදුවූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එහිදී බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ වාහන 2,049 පරීක්ෂා කර ඇත.

ඊයේ දිනයේ හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කර සංචරණ සීමා කඩ කරමින් ගමන් කළ 141ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

“අද 18 වනදා. ඉරට්ටේ දිනයක්. ඒ අනුව ඔබේ හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස 0 ද ඇතුළුව 2,4,6 හෝ 8 අංකය තිබේ නම් ඔබට අවශ්‍යතාවයක් සඳහා පිටතට පැමිණීමට හැකියාව තිබෙනවා.” යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම මෙහෙයුම් අද දිනයේත් ක්‍රියාත්මකය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *