රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්රී ලංකාවට පැමිණ තිබේ.
හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට ඔහුගෙන් ප්රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.