හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම කළ කැඳවීමකට අනුව ප්‍රනාන්දු මහතා සිකුරාදා (04) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
එහිදී ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ චෝදනා සහ විමර්ශනය සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.


