සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක්

සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සදහා කඩිනමින් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න
රණතුංග මහතා පවසයි.

ඉදිරි සතියෙන් පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇමතිවරයා සදහන් කරයි. ගම්පහ වැරැල්ලවත්ත ප්‍ර දේශයේ ඉදිකෙරෙන ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර අතරමැද මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published.