සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව සිසුන් ගෙන්වාගෙන ඉගෙනුම් කටයුතු සිදුකරමින් සිටි මාළිගාවත්ත ප්‍රදේශයේ මද්රසා පාසලක් වැටලීමට ඊයේ දිනයේ පොලිස් නිලධාරීන් කටයුතු කළේය.
මද්රසා පාසලේ මවුලවිවරයාට අවවාද කිරීමට මාළිගාවත්ත පොලිස් නිලධාරීන් කටයුතු කළේය.
මවුලවිවරයා ඇතුළු තිදෙනෙකු ව එම පාසලේ නේවාසිකාගාරය තුළම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළේය.
මේ අතර, යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන් 30 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව රැපිඩ් ඇන්ටින් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
ඔවුන් සියලුදෙනාම එහි නේවාසිකාගාරවල සිසුන් වේ.
නේවාසිකාගාරවල සිසුන් 60 දෙනෙකු රැඳී සිටින අතර, ඒ අනුව ඉන් අඩකට වෛරසය ආසාදනය වි තිබේ.