සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ පිපිරීමකින් 17 දෙනෙක් මියගොස් 30 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.
මොගඩිෂු අගනුවර හෝටලයක් ඉදිරිපිටදී මෝටර් රථයක සවි කරන ලද බෝම්බයක් පුපුරවා හැරීමෙන් මෙම ප්රහාරය සිදුකර ඇති අතර මොගඩිෂු ගුවන්තොටුපළට පිවිසෙන මාර්ගයේ ඇති පළමු ආරක්ෂක මුරපොළේදී එම පිපිරීම සිදුව ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ ප්රකාශ කරති.
අල් කයිඩා සංවිධානයට සම්බන්ධ අල් ශබාබ් ත්රස්තයින් ප්රහාරයේ වගකීම භාරගෙන තිබේ.
(තොරතුරු හා ඡායාරූප – අල්ජසීරා පුවත්සේවය)