කොබෙයිගනේ, හෙන්ගමුව ප්‍රදේශයේ කුකුළු ගොවිපළක බල්ලන් මරා දමන බවට වූ සිද්ධියේ සැකකාරුවක් වන එහි මුරකරු පෙබරවාරි 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නිකවැරටිය මහෙස්ත්‍රාත් සසිකා දසනායක මහත්මිය නියෝග කළාය. සැකකරු කොබෙයිගනේ හෙන්ගමුව නැබඩවැව පදිංචි අයෙක්.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය වූ වීඩියෝ කිහිපයක මෙම සැකකාර මුරකරු සුනඛයන්ට වද හිංසා පමුණුවා මරා දමන අයුරු පටිගතව තිබේ.
ඒ අනුව පරීක්ෂණ මෙහෙයවා සැකකාර මුරකරු අත්අඩංගුවට ගත් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය . වැඩි දුර පරීක්ෂණ නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී එල් අමරකෝන් මහතාගේ අධීක්ෂණයෙන්, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බංඩාර ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.