සාධාරණ හේතුවක් මත බදු ගෙවීම පැහැර හැරීම අපරාධයක් ලෙස සලකන්න බැහැ – සජිත්

සාධාරණ හේතුවක් මත බදු ගෙවීම පැහැර හැරීම අපරාධයක් ලෙස සලකමින් දඩුවම් දීමේ නීති සංශෝධන කිරීමේ කුහක පියවරක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඊයේ සිය කාර්යාලයේදී බදු සහ මූල්‍ය විශේෂඥයින් පිරිසක් හමුවූ ප්‍රේමදාස කියා සිටියේ සෞඛ්‍ය තත්ත්වය හෝ විදේශ සංචාර වැනි වලංගු හේතූන් මත බදු ගෙවීමට අපොහොසත් වන පුද්ගලයින්ට දඩුවම් ලබාදීමේ නීති සංශෝධනය කිරීමට සූදානමක් පවතින බවයි.

මෙය ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ට පටහැනි බව ඔහු පැවසීය.

“එසේම, රජය ව්‍යවසායකයින් බිය මානසිකත්වයකට තල්ලු කරනු ඇත,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *