රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා වල නිරතවන්නන් හට නිවාස මිලදී ගැනීමට 2021 අයවැය මගින් හඳුන්වා දුන් 6.25%ක සහන පොලියක් යටතේ වන විශේෂ ණය යෝජනා ක්‍රමය අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවේ.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම්කර ඇති නිවාස යෝජනා ක්‍රමයන්හි නිවාස මිලදී ගැනීමට අවස්ථාව උදාවන බවයි මුදල් අමාත්‍යංශ පවසන්නේ.
මෙම ණය යෝජනා ක්‍රමයේදී ප්‍රමුඛතාව ලබාදෙන්නේ විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වී කොළඹ ඇතුළු ප්‍රදේශවල සේවයේ නියුතු තරුණ පිරිස්වලට වන අතර ලබා දෙන උපරිම ණය මුදල ලක්ෂ සියයකි. තවද ආපසු ගෙවීමේ කාලය වසර විසිපහක් දක්වා වේ. මෙම ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ක්‍රියාත්මක කෙරේ.