දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ සඳහා පොලිසිය සහ බුද්ධි අංශ ස්වාධීන කළ යුතු අතර දේශපාලන බලපෑම්වලින් එම ආයතන  මුදා ගැනීම  අත්‍යවශ්‍ය බව රණවක මහතා සඳහන් කළේය.

වර්තමානයේදී රටේ බුද්ධි අංශ, විමර්ශන අංශ, ආරක්ෂක අංශ සහ යුද හමුදා බුද්ධි අංශ ද විවිධ බලපෑම් වලට යටත්ව තිබෙන බව කී මන්ත්‍රීවරයා එම ආයතන පොලිස් ඇමතිගේ සහ රජයේ අතකොළු බවට පත්වීම රටට අහිතකර බව පැවසීය.

දේශපාලන පාතාලයක් ක්‍රියාත්මක බව ද මන්ත්‍රීවරයා පැවසීය. මැතිවරණයක් ආසන්න වන විට දේශපාලන පාතාලය සක්‍රීය වන  තත්ත්ව පාලනයටද ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *