සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්  ප්‍රේමජයන්ත  මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවැනි සතියේ ආරම්භ වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස්වරයා දැනුම්දුන් බවද සුසිල් ප්‍රේමිජයන්ත මහතා කීය

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  රත්නපුර දිස්ත්‍රික්  මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. උසස් පෙළ දරුවන් බඳවා ගැනීම ආරම්භ කර ඇති හෙයින්  නැවත සමීක්ෂණ  ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා මැදිහත් වන්නැයි  වලේබොඩ මන්ත්‍රීවරයා  මෙහිදී ඉල්ලීමක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *