අද සිට ක්‍රියාත්මක වන බදු සහන ගැන දැනගන්න

පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද සහ උපයන විට ගෙවීමේ බද්ද අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් උපයන පුද්ගලයෙකු බදු ගෙවිය යුතුව තිබූ අතර ඒ සදහාද මින් ඉදිරියට බදු අය නොකිරීමට රජය මීට පෙර තීරණය කළ අතර, මසකට රුපියල් 250,000 කට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් එම පුද්ගලයින් බදු ගෙවීමට යටත් වේ.

මෙතෙක් 5%ක රඳවා ගැනීමේ බද්දක් ඉතුරුම් ගිණුම්වල පොළිය මත අය කළ අතර එම බදු අය කිරීමද අද දිනයේ සිට අහෝසි කර තිබේ.

තවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරන පරිදි එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ව්‍යාපාරවලින් අය කිරීමේ සීමාව අද සිට කාර්තුවක් සඳහා රුපියල් මිලියන 75 ක් දක්වා ඉහළ දමා ඇත. මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් ඒ අනුව කාර්තුවට රුපියල් මිලියන 75 කට වඩා අඩුවෙන් මුදල් සැපයුමක් පවතින ව්‍යාපාරිකයින්ගෙන් වැට් බදු අය කිරීම නතර කෙරෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *