කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා – අමාත්‍ය චාමර සම්පත්

“කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා” යැයි  ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී   තර්ජනයක් කළේය.

දසනායක මහතා මෙසේ තර්ජනයක් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඔහුගේ   කතාවට බාධා කළ අවස්ථාවේදීය.

” මට කතා කරන්න ඉඩ දෙනවා. අයිසේ, ලැජ්ජ නැතුව වාඩි වෙනවා.  පිස්සෙක් වෙන්නේ නැතුව” යැයිද  ඔහු සඳහන් කළේය.

නලින් බණ්ඩාර මහතා:

මෙයා කියනවා  පාස්කු ප්‍රහාරය වෙලාවේ  මම පොලිස් නියෝජ්‍ය ඇමති කියලා.  පොලිසිය භාර නියෝජ්‍ය ඇමති නොවෙයි.  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අපි මුලින්ම  අයින්කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *