මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න දුමින්දගෙන් කමිටුවක්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙනෙකු  ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නව වැඩ බලන  මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය

එහිදී සොයා බලන කරුණු අතර  හිටපු සභාපතිවරයා විසින් අත්තනෝමතික ලෙස  දී ඇති ආසන සංවිධායක ධුර ද වේ

අදාළ කමිටුවට  අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න සමග වීර කුමාර දිසානායක සහ ෆයිසර් මුස්තාපා  යන මන්ත්‍රීවරු ඇතුළත් වේ

එම කමිටුවේ සභාපති ධුරය තමන් විසින් දරන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය  මෙම තීරණය ගත් බවද හෙතෙම කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *