කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දක්වමින් බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදී පිරිසක් විරෝධතාවක් පැවැත්වූහ.

අදාල විදේශ රැකියා නියෝජිත ආයතනය රුමේනියාව, ඊශ්‍රායලය, සිංගප්පූරුව සහ ඩුබායි යන රටවල්වල රැකියා දෙන බව පවසමින් පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්‍ෂ හයේ සිට ලක්‍ෂ 25 දක්වා මුදල් ලබාගනෙ ඇති බවත් එම මුදල් වෙනුවට ඔවුන්ට අගරු චෙක්පත් දී ඇති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

අදාල වංචාව සම්බන්ධයෙන් මහරගම පොලිසියට සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණි කළ ද නීතිය ක්‍රියාත්මක නොවන බවත් විරෝධතාකරුවෝ චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *