කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින්  ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කළේය.

මහජන පීඩාවක් හෝ අනර්ථයක් සිදුවන්නේ නම් පොලිස් බලතල අනුව ක්‍රියාත්මක විය යුතු බවත් ඊට අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවත් මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේය.

වෛද්‍ය පීඨයේ සිසුන් 250කට අධික පිරිසක් ලිප්ටන් වටරවුම හා ඊට ආසන්න තදාසන්න ප්‍රදේශවල විරෝධතාවයක් සංවිධානය කර ඇති බවත්,කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් මුදලට වෛද්‍ය උපාධිය ලබා දීමට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පොලිසිය කරුණු දැක්වීය.

කුරුඳුවත්ත පොලිසියේ පාලන අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම් තිලක් කුමාර මහතා සහ පොලිස් සැරයෙන් රාජපක්ෂ මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්විය.

උද්ඝෝෂණය අද සවස තුනට ආරම්භ වන බවත් මෙමගින් සිදුවන මහජන පීඩා අවම කර ගැනීම සඳහා තහනම් නියෝගයක් වෛද්‍ය පීඨයේ සභාපති ඇතුළු පිරිසට නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය .

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝග නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *