දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි

අධිකරණය මගින් අත්හිටුවා ඇති  කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණගේ රුවන් චමිල නොහොත්  දෙමටගොඩ රුවන් විශේෂ මෝෂමක් ගොනුකරමින් කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම මෝෂම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා ඉදිරියේ කැඳවීය.

සැකකරු වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ ගාමිණි අල්විස් මහතා අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම අතුරු වීමේ නියෝගය ලබාගෙන වසරකට වැඩි කාලයක් ගතවී ඇති බවය.

එසේ වසරකට දේපළ  රඳවා ගන්නේ නම් අධිකරණය මගින් තහනම් නියෝගයක් හෝ අධි චෝදනා ගොනු කිරීමක් සිදු විය යුතු බවට නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරන ලෙසට දන්වා සිටි අතිරේක මහේස්ත්‍රාත්වරයා මෝෂම ජුනි 27 දින කැඳවීමට දින නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *