සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් තොරා ගැනීම සදහා අයදුම්පත් කැදවේ

ඉදිරි මැතිවරණය සදහා සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා හෙට (28) දිනයේ සිට අයැදුම්පත් කැඳවන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. ඔහු පවසන්නේ දූෂිතයන් වංචනිකයන් ලෙස සමාජය මගින් චෝදනාවන්ට ලක්වූවන්ට නාමයෝජනා බාර නොදෙන බවයි. පුවත්පත් දැන්වීමක් මගින් මේ සඳහා අයැදුම්පත් කැඳවීම සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
