පුරප්පාඩු සදහා විදුහල්පතිවරුන් 153ක් බඳවා ගැනීමට පියවර

මෙරට පාසල් අතර ජාතික පාසල් 373ක් පවතින අතර, එයින් නියමිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් මෙතෙක් පත්කර නොමැති පාසල් ගණන 278 කි.

ඊට අදාළව පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණ අනුව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ද අනුමැතිය ඇතිව විදුහල්පතිවරුන් 153ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

ඊට අදාළ පත්වීම් ප්‍රදානය පසුගිය පසුගිය 25 වැනිදා අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකරන ලදී. ඒ අනුව ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 153ක් පුරප්පාඩු පැවති ජාතික පාසල් සදහා පත්කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *