සජිත් පිළ වෙනම පෙරමුණකින් කරළියට?

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණක් ආරම්භ කිරීමට සජිත් පාර්ශ්වය සියල්ල සූදානම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. බ‍්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂය විසින් ගනු ලබන තීරණය අනුව නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරනවා ද නැද්ද යන්න පිළිබද අවසන් තීරණය ගැනීමටයි සජිත් පාර්ශ්වය තීරණය කර ඇත්තේ.

මෙම සතිය අවසාන වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසට ලබා නොදුනහොත් මෙම තීරණය ගන්නා බවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් ද එක් කර ගනිමින් වෙනම දේශපාලන පෙරමුණක් බිහි කිරීමටයි ඔවුන් සුදානමින් පසුවන බවත් සජිත් පාර්ශ්වයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

ජනතාව අපේක්‍ෂා කරන්නේ පක්‍ෂයට වෙනසක් නම් එය ලබාදීම පක්‍ෂ නායකයින්ගේ වගකීමක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉදුනිල් පසුගිය දා ප‍්‍රකාශ කළ අතර පක්‍ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජබර් රහුමාන්ද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ පක්ෂයේ ඇති යම් යම් අර්බුද ගැන බ්‍රහස්පතින්දා අවසන් තීරණයක් ගැනීමට සියලු දෙනාම එකඟතාවයකට පැමිණ ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *