LK reports news sinhala

සජිත් ජනපතිවූ පසු අගමැති කවුදැයි හර්ෂ කියයි

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු මීළඟ අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කිරීමට ඔහුට පූර්ණ නිදහසක් පවතින බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

නුගේගොඩ පැවති ජන හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවීමෙන් පසුව අගමැතිවරයා වන්නේ කවුරුන්ද පිළිබඳව නිශ්චිතව පවසා නැති බව මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

මෙයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කරවීමට වැඩියෙන්ම සටන් කළ අය අතර එක් අයෙක් වන්නේ තමා බවයි. අගමැතිවරයෙක් තෝරන්න සජිත් ප්‍රේමදාස මහතාට සම්පුර්ණ නිදහස ලැබී ඇති බව පැවසු ඒ මහතා, එසේ තෝරා ගනු ලබන අගමැතිවරයා දූෂණ චෝදනා නැති දක්ෂ වෘත්තීයවේදී මෙන්ම වැඩක් කළ හැකි අයෙක් බව ද සඳහන් කළේය. එනිසා අගමැති සම්බන්ධ තීරණය කෙලින්ම සජිත් ප්‍රේමදාස මහතා විසින් ගනු ලබන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *