අලුත්ම දේශපාලන ශිෂ්ටාචාරයක් ගැන සජිත් කියයි

රටේ සියලු සම්පත් පොදු ජනතාවට ලබා දෙන අලුත්ම දේශපාලන ශිෂ්ටාචාරයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ මාතර දිස්ත්‍රික්කයේ, දෙවිනුවර, දික්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක්වෙමිනි.

මේ අතර දශක ගණනාවක සිටි මෙරට දේශපාලනඥයින් සිදු කළ ඓතිහාසික මංකොල්ලය සම්පූර්ණයෙන්ම නතර කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

“කවුරුන් හෝ දේශපාලනයට එන්නේ රැකියාවක් කිරීමට හෝ කෝටිපතියන් වන්නට නම් එය වැරදි ක්‍රියාවක්. මින් ඉදිරියට තම රජය තුළ කොන්ත්‍රාත් ගනුදෙනු, මහජන සම්පත් මංකොල්ලකෑම්, ගසා කෑම්, සොරා කෑමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ.  දශක ගණනාවක සිට දේශපාලනඥයින් ජාතික සම්පත්, මහජන දේපල විනාශ කළ යුගයට තිත තබා රටේ සියලු ප්‍රතිලාභ සෑම ජන කොටසකටම ලබා දෙන සංවර්ධනයේ පාරාදීසය බවට අපේ මාතෘ භූමිය පත් කරනවා” යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *