LK repots news sinhala

සජිත් ඉල්ලා කොළඹ වටලන බව දිලිප් කියයි

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත් නොකළහොත් රට පුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් කොළඹට කැඳවා කොළඹ නගරය වටලන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

තංගල්ලේ පැවැති උත්සවයකදී රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසීය.

‘‘ජනාධිපතිවරණයේ එජාපයේ ජනාධිපති අපෙක්ෂකයා දින 10ක් තුළ නම් කරන ලෙසට අපි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් වැඩක් කළ හොරකම දූෂණය නැති සජිත් ප්‍රේමදාස ඇමතිවරයා අපේ ජනාධිපති අපේක්ෂකයා කරන ලෙසට මේ රටේ ආගමික නායකයින් , පාර්ලිමෙන්තුවේ ඉන්න එ.ජා.ප මන්ත්‍රීවරුන් සහ මේ රටේ පොදු මහජනතාව පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා තිබෙනවා. එවැනි ඉල්ලීම් වලට ඇහුම් කන් දෙන්නේ නැතිනම් රට පුරා ඉන්න එජාප පාක්ෂකියින්  කොළඹට කැඳවා දැවැන්ත උද්ඝෝෂොණයකට අපි යනවා. 94 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයෙන් පැරදුනාම කතරගම පැවති සම්මේලනයේදී එතුමා පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්න සූදානම් වුණා. නමුත් අපි එතුමාට එසේ නායකත්වයෙන් ඉවත් වෙන්න එපා කියා ඉල්ලීමක් කළා. එතැන් පටන් එතුමා විපක්ෂ නායකයා ලෙස මේ රටේ අවුරුදු 25 ක් හිටියා. දැන් එ.ජා.ප.ට ජනාධිපතිවරයෙකු බිහි කර ගන්න අවස්ථාව ලැබී තිබෙනවා. එය ජයග්‍රහණය කරන්න පුළුවන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට දැම්මොත් පමණයි. එම අවස්ථාව මග නොහරින ලෙසට මම අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.‘‘ යැයිද ඔහු කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *