LK reports news sinhala

ප්‍රධාන පක්ෂ සාකච්ඡා රැසක – තීරණ තවමත් නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන බව වාර්තා වේ.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇති කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන සාකච්ඡා ගැන ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

ජනාධිපති නිල නිවසේදී මේ වනවිට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ගනු ලබන්නේ හෙට(27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන විශේෂ සාකච්ඡාව පිළිබඳව බවද ඔහු කියා සිටියේය.

හෙට පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රීලනිපය නියෝජනය කරමින් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් ද පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී.ඇල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ද එක්වීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක්ද අද(26) පැවැත්වීමට නියමිතය. මෙම ප්‍රධාන පක්ෂ දෙකම ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණපා ඇති අතර ඒවා නිරාකරණය කරගැනීමට කඩිනමින් කටයුතු කරමින් පවතී. ශ්‍රීලනිපය පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වනු ඇති බවට එහි මන්ත්‍රීවරුන් රැසක්ම පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *