Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සංසන්දනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් හරීන් මාලදිවයින රජයෙන් සමාව අයදියි.

සංසන්දනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් හරීන්  මාලදිවයින රජයෙන් සමාව අයදියි.

ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජර්මනියේ ITB බර්ලින් ජාත්‍යන්තර සංචාරක සහ වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ අතරවාරයේ මාලදිවයින සම්බන්ධයෙන් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාලදිවයිනෙන් සමාව අයැද සිටියේය.

ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ මාලදිවයිනට සාපේක්ෂව ශ්‍රී ලංකාවට පිරිනැමීමට බොහෝ දේ ඇති බවයි.

බර්ලින් නුවරදී අදහස් දක්වමින් සංචාරක අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරකයින් දූපත්වලට සීමා නොවන බවත් ශ්‍රී ලංකා සංචාරයේදී කම්මැලි නොවන බවත්ය.

ඔහුගේ ප්‍රකාශය ඇතැම් මැති ඇමතිවරුන් ඇතුළු මාලදිවයින් ජාතිකයින් කිහිප දෙනෙකු විසින් හෙළා දකින ලදී.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ සුන්දර මාලදිවයිනේ දූපත් සම්බන්ධයෙන් තමන් බර්ලින් නුවරදී කළ ප්‍රකාශය සන්දර්භයෙන් ඉවත් කර සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ලෙස ප්‍රචාරය කර ඇති බවයි.

“ලස්සන මාලදිවයිනේ දූපත් සම්බන්ධයෙන් බර්ලිනයේ දී මා කළ ප්‍රකාශය සන්දර්භයෙන් ඉවත් කර සමාජ මාධ්‍යවල වැරදි ලෙස ප්‍රචාරය කර ඇත. අපි සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අපගේ අසල්වැසියා සමඟ එක්ව කටයුතු කරන බව පැහැදිළි කිරීමට කැමැත්තෙමි, සිදු වූ යම් අපහසුතාවයක් සම්බන්ධයෙන් සමාව අයැදීමට කැමැත්තෙමි, ”ඔහු වැඩිදුරටත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

දේශීය මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍ය ප්‍රනාන්දු කියා සිටියේ මාලදිවයිනේ සුන්දර වෙරළ තීරයන් නැරඹීමෙන් පසු සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බව පමණක් අවධාරණය කිරීමට අවශ්‍ය බවයි.

“එය විනාඩි 30 ක ප්‍රකාශයක් වන අතර මගේ ප්‍රකාශය සන්දර්භයෙන් ඉවත් කරන ලදී”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *