LK reports news sinhala

සංගක්කාර ගැන පළවූ වාර්තාවලට සංගක්කාරගෙන්ම පිළිතුරු

තමන් කිසිසේත් දේශපාලනයට සම්බන්ධ නොවන බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. සංගක්කාර එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට එන බව දක්වමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකෙරිණි.

විවිධ ඡායාරූප පවා සාදා ඔහු දේශපාලනයට එනබව සඳහන්ව තිබූ අතර ඊට පිළිතුරු ලෙස සංගක්කාර සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් අදාළ ප්‍රවෘත්ති ‍ව්‍යාජ ඒවා බව ප්‍රකාශ කර ඇත.

මේ අතර කුමාර සංගක්කාර දේශපාලනයේ යෙදෙන බව එංගලන්තයේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රිඩක කෙවින් පීටර්සන් පවසා ඇත. ට්විටර් සටහනක් තබමින් පීටර්සන් සඳහන් කර ඇත්තේ මාලිබෝන් ක‍්‍රීඩා සමාජයේ සභාපතිත්වය දැරීම දේශපාලනයක් බවයි.

තමන් දේශපාලනයේ නොයෙදෙන බවට කුමාර සංගක්කාර විසින් තබා තිබූ ට්විටර් සටහනට ප‍්‍රතිචාර දක්වමින් කෙවින් පීටර්සන් මෙම අදහස් පළ කර ඇත.

(Image – The Papare.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *