LK reports news sinhala

නව ගුවන් සේවයක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරයි

රත්මලාන හා පලාලි අතරත් එතැන් සිට ඉන්දියාව දක්වාත් නව ගුවන් සේවාවක් ආරම්භ කිරීමට පෞද්ගලික ගුවන් සමාගමක් කටයුතු සූදානම් කර ඇතැයි වාර්තාවේ.

පිට්ස් එයාර්  නමැති මෙම සමාගම ලබන ඔක්තෝබර් මස පලාලි ගුවන් තොටුපළ නවීකරණය කොට විවෘත කිරීමෙන් පසු දේශීය හා විදේශීය සංචාරකයින් ප්‍රවාහනය කිරීමේ අරමුණින් සිය ගුවන්සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දිනපතා රත්මලානෙන් උදෑසන 6ට ගමන් ආරම්භ කර මෙම ගුවන් යානය පලාලි ගුවන් තොටුපොළ වෙත පැමිණ එතැනින් පෙරවරු 9ග30 ට ඉන්දියාවේ විසාකාපට්ටන් ගුවන් තොටුපොළ වෙත පියාසර කෙරේ.

සවස ආපසු පලාලි වෙත පැමිණ රත්මලාන දක්වා මෙම ගුවන් යානය පියාසර කරයි. මගීන් 70ත් 90ත් අතර පිරිසකට ගමන් කළ හැකි ගුවන් යානයක් මේ සඳහා යෙදවීමට නියමිත අතර එම සේවාව ආරම්භ කොට මාසයක් ඇතුළත රත්මලාන සහ මඩකලපුව අතරද අභ්‍යන්තර ගුවන් සේවාවක් ඇරඹීමටද සූදානමක් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *