ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් 6ක් ලබන 14 දක්වා රිමාන්ඩ්

පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ්ගේ පියා වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් හය දෙනෙක් පෙබරවාරි 14 දා තෙක් නැවතත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියම කරන ලදී. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට මෙම සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි,

මෙහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරමින් පවතින බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටයි. ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකරුවන් ලබන 14 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළාය.

පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් හය දෙනා ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *