Online

ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පෙර දැනුම් දුන් දිනයන්වලම විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවත්, මේ දක්වා විභාග පැවැත්වෙන දිනයන් වෙනස් කිරීමක් සිදුකර නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා පවසා සිටියි.

එමෙන්ම කොවිඩ් වසංගත තත්වය මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් සහතික පත් නිකුත් කිරීම ඔන්ලයින් ක්‍රමය හරහා පමණක් සිදුකෙරෙන අතර, නැවත දැනුම් දෙන තුරු දෙපාර්ත්මෙන්තුවේ එක්දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමීමටත් පියවර ගෙන තිබේ. විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ මේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතිනම් 1911 ක්ෂණික දුරකථන අංකයට අමතා තොරතුරු ලබා ගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *