ශ්‍රී ලාංකික සිසුන් දහසකට පකිස්ථානයෙන් පූර්ණ ශිෂ්‍යත්ව දහසක්

Share this Article

ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් පූර්ණ ශිෂ්‍යත්ව දහසක් පිරිනැමීමට පකිස්ථානය සුදානම් බව ශ්‍රී ලංකාවේ සිටින පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මද් සාද් කට්ටක් මහතා ඊයේ (24) අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී පැවසිය.

පාකිස්ථාන ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන සහයෝගීතා වැඩසටහන යටතේ පිරිනමන ශිෂ්‍යත්ව හරහා ඉංජිනේරු තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ස්වභාවික විද්‍යා සහ සමාජ විද්‍යාව ආදී විෂය ධාරා ගණනාවක් ඔස්සේ උපාධි, පශ්චාත් උපාධි මෙන්ම ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ශ්‍රී ලාංකීය සිසුන්ට හිමි වනු ඇත.

ශ්‍රී ලාංකීය සිසුන් වෙනුවෙන් ලබාදෙන මෙම මහඟු ඉඩප්‍රස්ථා වෙනුවෙන් මහ කොමසාරිස්වරයා වෙත අග්‍රාමාත්‍ය තුමාගේ කෘතඥතාවය පළ කරන ලදි.

මෙම උසස් අධ්‍යාපන ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා වන අතර අදාළ විස්තර පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.

http://www.pakistanhc.lk/…/uploads/2020/02/ADVERTISEMENT.pdf

එහි ඡායාරූපයක්ද පහතින් දක්වා ඇත.


Share this Article

Leave a Reply

Your email address will not be published.