වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත්විය.
ඒ අද පැවති අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලකුණු 22ක ජයක් ලබාගනිමිනි.
ඒ අනුව වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වීමට නියමිතව ඇත.
තරගයේ ප්‍රථමයෙන් පනදුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 5ක් තුලදී සියලුදෙනා දැවී ලකුණු 147ක් රැස්කරගැනීමට සමත්විය.
Zeeshan Zameer පාකිස්තාන 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් කඩුලු 4ක් දවාගනු ලැබීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ රැස්කරගත හැකිවූයේ ලකුණු 125ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ ට්‍රෙවීන් මැතිව් කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.
නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් දවාගනු ලැබීය.