කිරි තේ ලබාදීම නවතී

ඉදිරියේදී ආපනශාලාවලින් පාරිභෝගිකයින් වෙත කිරි තේ ලබා දීම අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ කිරිපිටි මිල ඉහළයාමත් සමග තවදුරටත් කිරි තේ මිල ඉහළ දැමීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවය.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා.

අද වන විට කිරිපිටි පැකට්ටුවක මිල තවත් රුපියල් 15කින් වැඩිකරලා. ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට කිරිපිට කිලෝ එකක් 1,345ක මිලකට රැගෙන යන්නට කිරිපිට සමාගම් සමත්වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬව මුණිවත රැකලා සාමාගම්වලට අවශ්‍ය දේ කරන්න ඉඩදීලා තියෙනවා. අනෙක් පැත්තෙන් සෑම නිවසකටම ගෙනියන්නෙ කිරිපිටි ග්‍රෑම් 400 පිටි පැකැට්ටුවක්. ග්‍රෑම් 400 කිරිපිටි පැකැට් එක කිසිදු ගැටලුවක් නැතුව ඩොලර් 2.5කට ඉහළ ගිහිල්ල තිබෙනවා. ඒ කියන්නෙ රුපියල් 540යි. ඒ කියන්නේ කිරිපිටි පැකැට් එකක් ගන්න ඩොලර් දෙකහමාරක් ඕනේ කියන එක තමයි මේ තුළින් අපි ජනතාවය දැනෙන ආකාරයෙන් කියන්නේ.

අපි උදෑසන ඉදලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේ වනවිට අපේ ආපනශාලවල කිරි තේ හැදිල්ල නවත්තලා තියෙන්නේ. ඒ නිසා මේ මිල වැඩිවීමත් සමග අපි තීරණය කළා. අපේ ආපනශාලා කර්මාන්තයෙන් කිරි තේ හදන එක නවත්වන්න. ඉතාම කණගාටුවෙන් වුණත් මේ දේ කරන්න සිද්ධ වෙනවා. මොකද තවදුරටත් අපිට මිල ගණන් වැඩිකරන්න බැහැ. මේ රටේ කිරි තේ එකක් අලෙවි වු‍ණේ රුපියල් 30යි රුපියල් 40යි. ඒ මිල ගණන් තීරණ කළෙත් අපි. එතකොට රුපියල් 30යි 40 මේ රටේ මිල ගණන් වැඩි වුණේ. හැබැයි මේ වෙනකොට කිරි තේ එක රුපියල් 60 මිල දක්වා වැඩිවෙලා තිබෙනවා. හැබැයි කිරි ගන්න තැනක් නැහැ. කිරිපිටි නැති නිසා. උදේ පාන්දර දරුවෝ හඬනවා. ඒ වගේදම වැඩිහිටි දෙමාපියෝ සුසුම් හෙළෙනවා උදේ පාන්දර කිරි එකක් බොන්න නැතුව ඒ නිසා මේ අලුත්ම සිස්ටමම් එක තමයි. ඕනෑම භාණ්ඩයක මිල ගණන් වැඩිකරන්න අවශ්‍යනම් හදනවා හිඟයක්.  ඊටපස්සේ පෝලිම් හදලා මිල වැඩිකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *