Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

ශ්‍රී ලංකාව අති විශිෂ්ට ලෙස 20-20 තරගාවලිය ජය ගනී

ශ්‍රී ලංකාව අති විශිෂ්ට ලෙස 20-20 තරගාවලිය ජය ගනී

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති විස්සයි විස්ස තරගාවලිය 3 – 0 ක් ලෙස ජයගනිමින් ඉතිහාසයේ පළමු වරට පූර්ණ තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකාව අද(9) සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව අද තරගයේදීත් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළද ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් නොලැබිණි. නමුත් කඩුලු 4ක් දැවී තිබියදී තනිවම ක්‍රියාතමක වූ ඕෂධ ප්‍රනාන්දු පන්දු 48කදී නොදැවී ලකුණු 78ක් ලබාගැනීමට සමත්විය. එය ඔහුගේ පළමු තරගය් වූ අතර සිය මංගල තරගයේදීම අර්ධ ශතකයක් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසද ඕෂධ ප්‍රනාන්දු වාර්තා පොතටඑකතු විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසනයේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් අමීර් කඩුලු 3ක් බිද හෙළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථානයට කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි. හාරිස් සොහේල් ලකුණු 52ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ වනිදු හසරංග කඩුලු 3 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී නවක ක්‍රීඩකයින් 5 දෙනකුම ඇතුළත් කර තිබූ අතර මෙම තරගාවලියට ඔවුන් ක්‍රීඩාකළේද නිත්‍ය නායකයා ඇතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් රැසක් නොමැතිවය. එසේම ඔවුන්ට තරග වැදීමට සිදුව තිබුණේ ලොව අංක එකේ කණ්ඩායම සමග වන අතර ත්‍රස්ත බිය හේතුවෙන් දැඩි ආරක්ෂාවක් මැද ක්‍රීඩා කිරීමටද ඔවුන්ට සිදුවිය. ශ්‍රේණිගත කිරීම්හි අංක 8 පසුවූ ශ්‍රී ලංකාවට තරගාවලිය අවසන ඉහළම තත්ත්වයකට පැමිණීමට දසුන් ශානකගේ නායකත්වය ඇතුළු තරුණ ක්‍රීඩකයින්ගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් හැකිවිය.
අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා සම්මාන වනිදු හසරංගට හිමිවිය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *