සජිත්ගේ මංගල රැලිය අද

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවන මංගල ජන රැලිය අද(10) ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, සුළු පක්ෂ නායකයින් වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වෙති.

අදින් ඇරඹෙන සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ ප්‍රචාරක රැලි මාලාවේ ජන හමු 150ක් දිවයින පුරා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *