LK reports news sinhala

එදා හංසයා දිනවන්න එක්වූ රතන හිමි හා දුමින්ද අද ගෝඨාගේ වේදිකාවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ජනරැළි මාලාවේ මංගල රැළිය අද(9) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පස්වරු 3ට ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක මහත්වරුන් පොදුජන පෙරමුණු වේදිකාවට ගොඩවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැළිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.

දුමින්ද දිසානායක පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මෛත්‍රිපාල සිරිසේන ජනපති කරවීමේ කඳවුරට එක්වූ අයෙකි. ඉන්පසු යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධූරද හෙබවූ ඔහු මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරවීමට සහාය දැක්වීමට ඉදිරිපත් වී සිටී. ඊට අමතරව පසුගිය සමයේ එම යහපාලන කඳවුරේ සිටම මෛත්‍රිපාල සිරිසේන ජනපති කරවීමට කැපවූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද අද ගෝඨාභය රාජපක්ෂ දිනවීමේ වේදිකාවට ගොඩවිය.

Leave a Reply

Your email address will not be published.